ගෝනි ගනන් ගංජා එක්ක දෙන්නෙක් මහමඟදී අල්ලා ගනී...

September 21, 2022 - 6:39 PM

ගෝනි  ගනන් ගංජා එක්ක දෙන්නෙක් මහමඟ... | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් 2022.09.20 වන දින පනාමුර පොලිස් වසමේ දඹරයාය, පොල්වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී වියළි ගංජා කිලෝ ග්‍රෑම් 141 ග්‍රෑම් 700 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 46 ක සහ වයස අවුරුදු 32 ක, දලුප්ඉන්න‍‍ සහ පානාමුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පනාමුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment