කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තක්සේරු වාර්තාවේ මාසික තක්සේරු කුලියට වඩා රුපියල් ලක්ෂ 446කට අධික මුදලක් (44,610,000) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
වසර දෙකක කාල සීමාවක් සඳහා කුලියට ගැනීමේදී පළමු වර්ෂය සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 94කට අධික මුදලක් (9,487,500) ද, දෙවැනි වර්ෂය සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂක 104කට අධික (10,436,250) මුදලක් ලෙස ද කුලිය ගෙවීමට ගිවිසුම්ගත වී ඇත.
මෙම ගොඩනැගිල්ල සඳහා පසුගිය පස් වසර තුළදී පමණක් රුපියල් කෝටි 49ක මුදලක් (492,244,824) සෞඛ්‍ය අමාත්‍යංශය වැය කර ඇති බව නිවැරදි තක්සේරුවක් මත බදු කුලිය නිර්ණය කිරීම සම්බන්ධයෙන් විගණන කාර්යාලය නිකුත් කර තිබෙන අලුත් ම වාර්තාවෙන් සඳහන් කර තිබේ.
එසේ ම, ගොඩනැගිල්ලේ හිමිකරු විසින් ගෙවිය යුතු මාසික වෙළෙඳ කුලිය වන රුපියල් 5,770,000ක මුදල ලෙස පසුගිය අවුරුදු 03 මාස 05ක කාලය පුරා රුපියල් ලක්ෂ 208කට අධික මුදලක් (20,830,293) ගොඩනැඟිල්ලේ හිමිකරුට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවා ඇති බව ත් එම වාර්තාවේ දක්වා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයට ම අයත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු 2016 වර්ෂයේ සිට සිදු වුවද එම ඉදිකිරීම් කටයුතු විවිධ හේතූන් මත ප්‍රමාදවීම නිසා අමාත්‍යංශය විශාල බදු කුලී වියදමක් දරන බවත් එහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.
- මිතුන් ජයවර්ධන, මව්බිම