ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත ය.
ඔවුන් ඔක්තෝබර් මස 6 වන දා අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා පිටත් ව යන අතර, ඉදිරි සාකච්ඡා එහි දී සිදු කෙරෙනු ඇත.
මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිත පිරිස මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිත ය.
මෙම වසරේ අප්‍රේල් 12 වන දා සිට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීමට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ගිවිසුම් සහ ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට මේ වන විට එළඹ තිබේ.