ඉන්ධන ආනයනයට නොවැම්බර් සිට තවත් සමාගම් කිහිපයක්

September 22, 2022 - 11:12 AM

ඉන්ධන ආනයනයට නොවැම්බර් සිට තවත් සමාගම් කිහිපයක් | දේශීය පුවත්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250න් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබා දීම වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය ඊයේ සවස සිදු කරනු ලැබිණි. 

ඒ අනුව, පළ කරන ලද අභිලාශ කැඳවීමේ දැන්වීමට අනුව යෝජනා ඉදිරිපත් කරන ලද සමාගම් 24 අතුරින් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයක් වෙනුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදා හැරීමට සහ ඉන්ධන අලෙවි කිරීමට නොවැම්බර් මස වන විට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වේ. 

 
 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment