ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය මෙතෙක් දැනුවත් කර නැතැයි ජනාධිපතිවරයා පැවසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් කතානායකවරයා අද (සැප්. 22) මේ බව පාර්ලිමේන්තුවට පැවසීය.
ඔහු සඳහන් කළේ, මේ දක්වා එළඹී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට බව ත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය යුතු බව ත් ඊට පෙර ණය හිමියන් සමග සාකච්ඡා කර එම වාර්තාව ද ඊට ඇතුළු කර ගිවිසුම අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන බව ය.
"සියලු ම තොරතුරු ලැබුණු පසු ඉක්මනින් ම කැබිනට් මණ්ඩලය දැනුවත් කරනවා. විරුද්ධ පක්ෂය සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑ ම පාර්ශ්වයකට එම දැනුවත් කිරීමට සහභාගි විය හැකි බව ජනාධිපතිවරයා මට අද උදෑසන පැවසුවා."