අත් කැපූ පරිප්පුවා අත්අඩංගුවට...

September 22, 2022 - 1:50 PM

අත් කැපූ පරිප්පුවා අත්අඩංගුවට... | දේශීය පුවත්

සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොළොන්නාව ලක්මාල් හෙවත් පරිප්පුවා සමඟ තවත් සැකකරුවන් හය දෙනකු දෙමටගොඩ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබූ කඩු තුනක් හා මන්නා පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ  නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කෙරින.

අත්අඩංගුවට ගත්  සංවිධානාත්මක අපරාධකරු වන පරිප්පුවා නමැත්තා ඉකුත් 8 වැනි දින තවත් පිරිසක් සමග එක්ව ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී  පුද්ගලයෙකුගේ දෙඅත් වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම, කොටහේන මැලිබන් හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා පුද්ගලයින් බිය ගන්වා යතුරුපැදි පැහැරගෙන යාම රන් භාණ්ඩ සොරා ගැනීම ,වැල්ලම්පිටිය සේදවත්ත කම්බි කොටුව ප්‍රදේශයට පැමිණෙන නාඳුනන ඕනෑම පුද්ගලයකු හට පහරදීම හා බරපතළ තුවාල සිදු කිරීම අතුළු මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලීසිය වෙත බාර දී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment