විදුලි කප්පාදුව හෙට සිට දිගු වෙයි 

September 22, 2022 - 7:35 PM

විදුලි කප්පාදුව හෙට සිට දිගු වෙයි | දේශීය පුවත්

හෙට (සැප්. 23) සිට ලබන 25 වන දා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

පැරණි ලක්ෂපාන බලාගාරයේ අධියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට්කොස් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිකම මෙන් ම හදිසි විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම කොමිසම පැවසීය.

ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W දහවල් කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ පැය 1යි සහ විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment