මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් එම වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බව ය.
මෑතකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුම් උත්සන්න වූ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ ටරිමෝරෝ නගරයේ වෙඩි තැබීම සිදු වී ඇත.
එරට පොලිසිය සඳහන් කර ඇත්තේ, වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති සියලු දෙනා පිරිමි පුද්ගලයින් බව ත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව ත් ය.
වෙඩි තැබීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු තුවාල හේතුවෙන් මිය ගොස් තිබේ.
එරට ෆෙඩරල් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, මෙක්සිකානු ප්‍රාන්ත අතර මේ වසරේ වැඩි ම ඝාතන සංඛ්‍යාවක් ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ සිදු වී ඇති බව ත් ජනවාරි සහ අගෝස්තු අතර පුද්ගලයින් 2,115ක් වින්දිතයින් බවට පත් වී ඇති බව ත් ය.