දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි 'බන්දුල' නමැති හස්තියා අද (සැප්. 23) අලුයම මියගොස් තිබේ.
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් සමග දෙපා අප්‍රාණිකව බිම ඇද වැටීම හේතුවෙන් පශු වෛද්‍යවරුන් හස්තියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිට ඇත.
මිය යන විට 'බන්දුල' 79 වන විය පසු විය.
1943 වසරේදී අනුරාධපුරයේ උපත ලැබූ මෙම හස්තියා තුන් හැවිරිදි වියේදී අලි රංචුවෙන් වෙන්ව සිටියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනිණි.
ඉන් අනතුරුව 1949 වසරේදී මෙම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙනු ලැබිණි.