ඇමතිවරුන්ගේ රට ගමන්වලට සීමා

September 23, 2022 - 11:21 AM

ඇමතිවරුන්ගේ රට ගමන්වලට සීමා | දේශීය පුවත්

කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඊට අමතරව එවැනි සංචාර සඳහා සහභාගි විය යුත්තේ, ඒ සඳහා අත්‍යවශ්‍යය ම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන් ම අවශ්‍ය කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පමණක් බව ද කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

රට මුහුණ පා ඇති ආර්ථික අසීරුතාව යටතේ රාජ්‍ය වියදම අවම කිරීමේ සඳහා ජනාධිපතිවරයා එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment