ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
ඒ අනුව, ඔක්තෝබර් මස 18 වන දා අදාළ පෙත්සම් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබේ.