2022 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මෙම තරඟාවලියට කණ්ඩායම් 16ක් තරඟ වදින අතර එම කණ්ඩායම් 16 ම තමන්ගේ සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. තවද එම තරඟාවලිය මූලික වටය සහ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ලෙස කොටස් දෙකකින් තරග 45ක් පැවැත්වීමට නියමිතයි.
මූලික වටයේ දී A සහ B ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් අටක් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්, සුපිරි කණ්ඩායම් 12 තරග වටයට මුහුණ දෙනු ලබයි.
A කාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රීලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාව – දසුන් ශානක (නායක), දනුශ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීශ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ලහිරු කුමාර (ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව), ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්
අතිරේක – අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේශ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු
දුෂ්මන්ත චමීර සිය ආබාධයෙන් පසුව නැවත කණ්ඩායමට එක්වීමට සූදානම්ව සිටින අතර, ලහිරු කුමාර ද කලකට පසුව නැවත ශ්‍රී ලංකා සංචිතයට එක්ව තිබෙනවා.