එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළත් මූලික කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.
‘ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන අදාළ නව කෙටුම්පත මගින් මානව හිමිකම් සම්බන්ධ ගැටලු විසඳීමට රජයට වැඩි කාලයක් ලබා දී තිබේ.
සංහිඳියාවේ සහ වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය සහ ආර්ථික අර්බුදයේ සහ දූෂණයේ මානව හිමිකම් බලපෑම පිළිබඳ අධීක්‍ෂණය සහ වාර්තා කිරීම වැඩිදියුණු කරන ලෙස එම කෙටුම්පත මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ඇත.