විදුලි බිල ඉහළ දැමීමට ගත් තීරණයට විරෝධය දැක්වීමක් ලෙස විහාරස්ථානවල විදුලි පහන් නොදල්වා රාත්‍රී කාලයේ අඳුරේ තැබීමට ගෙන ඇති තීරණය මෙම අවස්ථාවේදී ඉතා සුදුසු තීරණයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉහළ විදුලි පරිභෝජනයක් සහිත විහාරස්ථානවල විදුලි බිල් ගෙවීම ප්‍රමාද වුව ත් අඩු විදුලි පරිභෝජනයක් සහිත විහාරස්ථාන සියල්ල ම පාහේ නිසි කලට විදුලි බිල ගෙවා දමන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.
තව ද විදුලි බිල ඉහළ නංවන ලද්දේ විදුලිබල මණ්ඩලයේ ඉදිරි පැවැත්මට සහ ජනතාවට අඛන්ඩව විදුලිය ලබා දීමට බව සභාපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.