IMF ණය ලැබෙන කාලය ගැන අනාවරණයක්

September 24, 2022 - 2:03 PM

IMF ණය ලැබෙන කාලය ගැන අනාවරණයක් | දේශීය පුවත්  | ව්‍යාපාරික පුවත්

මෙම වසර අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කරනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඊයේ (සැප්. 23) මාර්ගත ක්‍රමය ඔස්සේ ණය ප්‍රතිව්‍යුහගත කිරේම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී කිරීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ආයෝජකයින්ට මේ බව පැවසූවේ යැයි ඊට සහභාගි වූ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඒ අනුව, මෙතැන් සිට නොවැම්බර් මැද දක්වා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම ශ්‍රී ලංකාව අරමුණු කරන බව රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.

ආරංචි මාර්ග තවදුරට ත් සඳහන් කර ඇත්තේ, වසරේ අවසාන කාර්තුව සහ 2023 වසරේ දෙවන කාර්තුව අතර ශ්‍රී ලංකාව සිය සියලු ම ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම්ගත වීම ඉලක්ක කර ගන්නා බව ය.

එම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවල නියෝජිතයන් සමග සහභාගි වී ඇත.

මෙම මස මුලදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණයක් සඳහා IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹියේ ය.

කෙසේ වෙතත්, එය නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සහ පුද්ගලික ණය හිමියන් සමග සාකච්ඡා කිරීම මත රඳා පවතිනු ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment