කොළඹට සුපිරි ජයක් - Colombo Stars vs Dambulla Aura #LPL2022

December 14, 2022 - 10:24 PM

කොළඹට සුපිරි ජයක් - Colombo Stars vs Dambulla Aura #LPL2022 | ක්‍රීඩා පුවත්

දඹුල්ල කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයෙන් කඩුලු 9ක ජයක් හිමිකරගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

එහිදී අගනා පිතිහරඹයක නියැලුණු චරිත් අසලංක නොදැවී ලකුණු 58ක් රැස්කරගැනීමට සමත්විය.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 31ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුශාන් එක් කඩුල්ලක් දවාගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 89ක් පමණි.

එහිදී අගනා පන්දුයැවීමක නිරතවූ කසුන් රාජිත කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment