දුරකතනයෙන් ආ ඇරයුම කාන්තාවකට මරු කැඳවයි  

September 24, 2022 - 2:34 PM

දුරකතනයෙන් ආ ඇරයුම කාන්තාවකට මරු කැඳවයි | දේශීය පුවත්

බොරලැස්ගමුව, බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ කාන්තාවගේ හිතවතෙකු සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ඒ අනුව, ඇය සිය සැමියා ද සමග සාදයට යාම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී ඊයේ (සැප්. 23) රාත්‍රියේ පැමිණ ඇති බව ය.

එම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් පසුපැදිකරු එම කාන්තාවට මන්නා පිහියකින් පහර දී ඇත.

සිද්ධියෙන් ඇයගේ සැමියා ද තුවාල ලබා ඇති අතර ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බඩෝවිට ප්‍රදේශයේ කාන්තාවකි.

ඝාතනය සිදුකර පළා යාමට උත්සාහ කළ යතුරුපැදිකරු සහ පසුපැදිකරුව ප්‍රදේශවාසින් විසින් අල්ලා ගනු ලැබ ඇත.

පොලිසිය සඳහන් කළේ, ඝාතනය සිදුකළ පසුපැදිකරු ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment