රුසියානු ඒරෝ⁣⁣ෆ්ලොට් ගුවන් සේවාව ඔක්තොම්බර් 9 සිට යළිත් ශ්‍රී ලංකාවට...

September 24, 2022 - 5:42 PM

රුසියානු එරෝ⁣⁣ෆෝලොට් ගුවන් සේවාව ඔක්තොම්බර් 09 සිට යලිත් ශ්‍රීලංකාවට | දේශීය පුවත්


ආන්දෝලනයට තුඩු දුන් රුසියානු එයරොෆ්ලොට් ගුවන් සේවාව නැවත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමත්‍යංශය සඳහන් කළේ, එයරොෆ්ලොට් ගුවන් සේවාව ශ්‍රී ලංකාව තුළ සිය ගුවන් මෙහෙයුම් එළඹෙන ඔක්තෝබර් 9 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව ය.

එයරොෆ්ලොට් ගුවන් සේවාව නැවත ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස තමන් විසින් රුසියාවේ ෆෙඩරල් ගුවන් සේවා ආයතනයට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් ඊට එකඟ වූ බව අද දැනුම් දුන්නේ යැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

“විශේෂයෙන් ම ඔවුන් ප්‍රකාශ කළේ, එසේ ගුවන් යානා පැමිණෙන්නේ නම්, එම ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන කටුනායක ගුවන්තොටුපළෙන් ඔවුන්ට ලබා දීම සඳහා අනිවාර්යයෙන් ම කටයුතු කළ යුතු බව ය. එසේ නොකළහොත් ඔවුන්ට වෙනත් ගමනාන්තයකට ගිහිල්ලා ඉන්ධන ලබා ගනීමට් සිදුවන හෙයින් එසේ සිදුවන අමතර වියදම ශ්‍රී ලංකා රජය විසින් දැරිය යුතු බව යි.”

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකාව සතුව අවශ්‍ය ප්‍රමාණයට ගුවන් යානා ඉන්ධන ඇති බැවින් එය එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවන බව ය.

තමන් ඒ සම්බන්ධයෙන් තමන් මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කර ඔවුන්ගේ ද එකඟතාව මත අදාළ කොන්දේසිවලට එකඟ වන බව තමන් දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment