අරගලයට නව ජවයක්: තරුණ බලයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

September 24, 2022 - 6:31 PM

අරගලයට නව ජවයක් – තරුණ බලයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර | දේශීය පුවත්

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” මැයෙන් අද (සැප්. 24) සංවිධානය කර තිබූ  විරෝධතා පා ගමනක් අතරතුරදී  සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

කොළඹ ඩීන්ස් පාරේ පැවති මෙම විරෝධතා පා ගමනට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය.
 
විරෝධතාව අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන් ය.

මේ අතර, අත්අඩංගුවට ගත් පිරිස පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මරදාන පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment