''අද තියෙන්නෙ මර්දන ත්‍රිත්වයක් සහිත රටක්'': සජිත් බණ්ඩාරගමදී කියයි

September 24, 2022 - 7:44 PM

''අද තියෙන්නෙ මර්දන ත්‍රිත්වයක් සහිත රටක්'':  සජිත් බණ්ඩාරගමදී කියයි | දේශීය පුවත්

"අද තියෙන්නෙ මර්දන ත්‍රිත්වයක් සහිත රටක්. සෞභාග්‍යය හදන්න නෙළුම්පොහොට්ටුව ගෙනාවා. අද කිරිපිටි පැකට් එකක් ගන්න දෙමව්පියෝ නෙළුම් අල හාරනවා," යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වසර දෙකකට පෙර සෞභාග්‍යමත් රටක් හදන්නට රටේ ජනතාව නෙළුම් පොහොට්ටුවට ඡන්දය දුන් බව ත්, දෛවයේ සරදම වන්නේ ඉන් වසර දෙකකට පසු දරුවන්ට කිරි පිටි පැකට්ටුවක් ගන්නට රටේ දෙමව්පියන්ට වැව්වලට බැස නෙළුම් අල හාරන්නට සිදුවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (සැප්.24) බණ්ඩාරගමදී පැවසීය.

නෙළුම් කුළුණ උඩට නැගගත් විට දිව්‍ය ලෝකය පෙනෙන බව ඇතැමුන් ප්‍රකාශ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, "හැබැයි නෙළුම් කුළුණ උඩ සිට පහළ බැලූ විට පෙනෙන්නේ අප්‍රමාණ දුක් කඳක් අත්විඳින මිනිස්සුන්ගේ ජීවිත", යැයි ද සඳහන් කළේ ය.

මේ සියල්ල මැද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා තරුණ නායකයින් සිරගත කොට ඇති බව ත්, අධිආරක්ෂිත කලාප ඇතිකරමින් තවත් නීති විරෝධී ආකාරයේ මර්දනයක් ක්‍රියාත්මක කරන බව ත් නිදහස් මාධ්‍යයේ පැවැත්මට බාධා පමුණුවමින් මාධ්‍ය මර්දනයක් ක්‍රියාත්මක කරන බව ත් ඒ අනුව ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් ආරම්භ කොට ඇති බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ මන්දපෝෂණය උද්ගතව ඇති බව ත් ඇතැම් පාසල්වල දරුවන් දරුවන්ට දිවා ආහාර වේලට කුරුම්බා ලොඳ රැගෙන එන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ පිළිබඳව ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන්නෙ බොළඳ ප්‍රතිචාර බව ත් පෙන්වා දුන්නේ ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment