ලංකාවට අද එන සින්ඩි මැකේන් කරන්න යන දේ

September 25, 2022 - 11:07 AM

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් දිවයිනට | දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම නියෝජිතායතනයේ රෝමයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් අද (සැප්. 25) දිවයිනට පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද ආහාර ආධාර වැඩසටහන් ඉස්මතු කිරීම සහ ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපදයේ කැපවීම සහ කල්පවත්නා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම එම සංචාරයේ අරමුණ බව නිවේදනයක් නිකුත් කරමින් මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ඇය ලබන 28 වන දා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබා දෙන ආයතනවල නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

තව ද ඇය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් සමග පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ පහසුකම් සහ ප්‍රජා සංවිධාන නැරඹීමට මධ්‍යම පළාතට ගොස් එක්සත් ජනපද රජයෙන් අරමුදල් සපයන මානුෂීය ආධාර වැඩසටහන් හරහා ලබා දෙන සහන ලබන්නන් සහ ක්‍රියාත්මක කරන්නන් හමුවීමට ද නියමිත ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment