ඩුබායි රත්තරං හොර පාරෙන් මෙරටට ගෙනා චීවරධාරියෙකු අත්අඩංගුවට...

September 25, 2022 - 1:43 PM

ඩුබායි සිට මෙරටට මිලියන ගනනක හොර බඩු: චීවරධාරි මගියකු අත්අඩංගුවට | දේශීය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් නගරය හරහා ඕමාන් ගුවන් සේවයේ අංක WY373 දරන ගුවන් යානයෙන් අද (24.09.2022) මෙරටට පැමිණි ශ්‍රී ලාංකික චීවරධාරී මගියකු විසින් නීති විරෝධි ව රැගෙන එන ලද පාවිච්චි කරන ලද සෙලියුලර් දුරකතන, පාවිච්චි කරන ලද ලැප්ටොප්, රත්‍රං බිස්කට්, රත්‍රං කැබලි හා රන් ආබරණ එකතුවක් ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල සේවයේ නියුතු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම භාණ්‌ඩ වල වටිනාකම රුපියල් මිලියන් 22.5 පමණ වන බවට තක්සේරු කර ඇත. මෙම සැකකරු තම ගමන් මල්ල තුල පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට හඟවා ගුවන් තොටුපල පිහිටි රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත (Green Channel) හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කර තිබිනි.මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර රේගු පරීක්ෂණයක් පවත්වා රන් හා ජංගම දුරකතන රාජසන්තක කොට සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල අංශයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් කටයුතු කරගෙන යනු ලබයි.
img-20220925-wa0020 img-20220925-wa0021 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment