LPL අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ - #LPL2022

December 21, 2022 - 8:53 AM

LPL අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ - #LPL2022 | ක්‍රීඩා පුවත්

ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වෙයි.

දින 11ක් පුරා පැවති තරග 20කින් පසු ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කැන්ඩි ෆැල්කන්ස්, ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් සුදුසුකම් ලබාත්තේය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතරයි.

තරගය අද (21) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

LPL  තරගාවලියේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.

මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායම අවසන් පූර්ව වටයේ දෙවන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ දෙසැම්බර් 22 වනදා ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරගය කලම්බු ස්ටාර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය. 

ඒ අනුව, අවසන් මහා තරගය දෙසැම්බර් 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment