ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදෙස් සංචාරය අතරතුර, ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ගේ මෙහෙයුම් අධීක්ෂණය සඳහා වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර, වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වැඩබලන තාක්ෂණික අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් යන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.