අමාත්‍ය කාංචනගෙන් PUSL සභාපතිට නීත්‍යානුකූල ප්‍රතිචාර

September 26, 2022 - 12:49 PM

අමාත්‍ය කාංචනගෙන් ජනක රත්නායකට නීත්‍යානුකූල ප්‍රතිචාර | දේශීය පුවත්

මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා  පැවසුවා. මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද සභාපතිවරයා  පසුගියදා පැවසීය
බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඒ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව PUCSL සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
CPC සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇතත් ලක්ෂපාන බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සහ ජල කළමනාකරණය සඳහා විදුලිබල මණ්ඩලයේ මුදල් ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද විදුලි කප්පාදුවක් ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පවසනවා. 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment