තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු එම මුදල් සහ ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද (සැප්. 26) දහවල් අදාළ බැංකුව වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නධව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම බැංකුව ඉදිරිපිටදී කොල්ල කා ඇති බව ය.
සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කා පළා යන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42323 බුද්ධික කුමාර නිලධාරියා එම ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන කොල්ල කෑ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 48 සහ 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතරොම් 1ක් මන්නා පිහියක්, අත්වැසුම්, ජංගම දුරකතනයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් මේ වන විට තඹුත්තේගම පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
බැංකුව කොල්ලකෑමට පැමිණි අවස්ථාවේ CCTV දසුන්, අත්අඩංගුවට ගත් එම ආයුධ සහ කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් තඹුත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියාගේ ඡායාරූපද පහතින්