ජනපති සහ ජපාන විදේශ ඇමති අතර හමුවක්

September 27, 2022 - 7:59 AM

ජනපති සහ ජපාන විදේශ ඇමති අතර හමුවක් | දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමු වී තිබේ.

අද (සැප්. 27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී ජනාධිපතිවරයා, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමග සාකච්ඡාවක නිරත වී ඇත.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන සබඳතා හා ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ මෙම සාකච්ඡාවේ දී සාකච්ඡා වී තිබේ.

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා අද දිනයේ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට ද නියමිත ය.

ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජපාන සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට (සැප්. 28) දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත යimg-20220927-wa0002 .img-20220927-wa0003

WhatsApp
Telegram
Make a Comment
Make a Comment