‍ශ්‍රී ලංකාවට අමෙරිකාවේ අඛණ්ඩ සහය

September 27, 2022 - 8:06 AM

ශ්‍රී ලංකාවට අමෙරිකාවේ අඛණ්ඩ සහය | දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චංග් යළි ත් අවධාරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (සැප්. 26) දිනයේදී පැවැත්වූ බව ය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික ආයතනයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් ඊයේ දිනයේදී විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමග අදාළ සාකච්ඡා කළ බව ද එහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දීර්ඝකාලීන කැපවීම එහිදී යළි තහවුරු කළ බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසීය.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සහයෝගය ලබා දෙන බවට ද එහිදී සින්ඩි මැකේන් ප්‍රකාශ කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment