නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකය වාෂ්ප කාන්දුවක් හේතුවෙන් වසා දමා ඇති බව විදුලිබල මණ්ඩලය දන්වා ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
නඩත්තු කටයුතු සඳහා දින 3-5 ත් අතර කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. අළුත්වැඩියා කටයුතු අවසන් වනතුරු විදුලි ජනන කළමනාකරණය සඳහා ඉන්ධන බලාගාර යොදා ගැනෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
අමාත්‍යවරයාගේ එම twitter පණිවිඩය පහතින් දැක්වේ.