ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong හමුවිය.
එම සාකච්ඡාවේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටියේ ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවයි. සිංගප්පූරුව සමඟ ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම ප්‍රමුඛතාව බව ද ඔහු පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය Lee Hsien Loong ප්‍රවෘත්තිය සාදරයෙන් පිළිගත් අතර, සිංගප්පූරුව නැවත වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන ලබන වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.