ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
ෂින්සෝ අබේගේ බිරිඳ වන අකී අබේ චාරිත්‍රානුකූලව ඔහුගේ භෂ්මාවශේෂ රැගෙන අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන බුඩෝකන් වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය
අනතුරුව ඔහුගේ භෂ්මාවශේෂ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා විසින් භාරගනු ලැබ ඇත.
ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජපාන වැසියෝ දහස් ගණනක් සහභාගි වී සිටිති.
එමෙන් ම, ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ අග්‍රාමාත්‍යවරයාට ගෞරව දැක්වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකයින් ටෝකියෝ නුවරට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අබේගේ අවමංගල්‍ය උත්සවය ආරම්භ වන විට දහස් ගණනක් විරෝධතාකරුවන් රැස්ව සිට ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවමංගල්‍ය උත්සවය සඳහා වඩා ත් හදිසි අවශ්‍යතා සඳහා යොමු කළ හැකි වටිනා රාජ්‍ය සම්පත් භාවිත කරන බවට විරෝධතාකරුවන් චෝදනා කරන බව ය.
රාජ්‍ය අවමංගල්‍ය සාමාන්‍යයෙන් ජපානයේ අධිරාජ්‍ය පවුල සඳහා පමණක් පැවැත්වෙන අතර අබේට රටේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ නායකයා ලෙස ගෞරවය ලබා දී ඇති බැවින් ඔහුගේ අවමංගල්‍ය උත්සවය ද රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලෙස පවත්වන බව එම වාර්තාවල දැක්වේ.
67 හැවිරිදි ෂින්සෝ අබේ ජූලි මාසයේ මැතිවරණ රැලියක් අතරතුරදී වෙඩි තබා ඝාතනය කෙරිණි.