රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමින් යුත් කිලෝග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 8ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (සැප්. 27) දින දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඔහු කැලණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙකි.
අද උදෑසන ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු මෙම රන් බිස්කට් තොගය කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී එම ආරක්ෂක නිලධාරියාට ලබා දෙන්නට ඇතැයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු සැක පළ කරති.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියා රන් බිස්කට් තොගය තම කලිසම් සාක්කුවේ සඟවාගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර යාමට උත්සහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ..