නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ පලමු නිවස ඩුබායිහි ශ්‍රී ලාංකිකයෙක් ඩොලර් 40,000 කට ගනී...

September 27, 2022 - 3:57 PM

නිවාස  ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ පලමු නිවස  ඩුබායිහි ශ්‍රී ලාංකිකයෙක් ඩොලර් 40,000 කට  ගනී... | දේශීය පුවත්

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පලමු නිවස අලෙවි වේ. ඒ අනුව ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද (27) උදෑසන නාගරික සංවර්ධන අධිකාරියේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ. ඒ සදහා ඔහු ඩොලර් 40,000 ක මුදලක් එවු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි. 

විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පියවර ගත්තේය. ඩොලර් මගින් මෙම නිවාස මිල දී ගන්නා අයට 10% ක වට්ටමක් ලබා දිමට ද තීරණය කෙරිණි. 

ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු විසින් අද මිල දී ගත් වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02 කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ158කි. ඩොලර් මගින් මිල දි ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිල දී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142 කටය. මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිල දි ගැනීම සදහා ඉල්ලුම් කර තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් 275,000 ක ඉලක්කයක් සපුරා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment