ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 10 ක ඖෂධ පරිත්‍යාගයක් 

September 27, 2022 - 8:23 PM

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 10 ක ඖෂධ පරිත්‍යාගයක් | දේශීය පුවත්

මෙරට රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇමරිකාවේ (direct relief USA) ආයතනය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දීම එම ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇලිවෙ (Chris Alleway) මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 2022/09/26 කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. 

මේ මාසයේ දී ඇමරිකාව ඩොලර් මිලියන විස්සකට වැඩි ඖෂධ ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක. මෙඩිකල් help හි සම්බන්ධීකාරක ගිහාන් ජයරත්න ,direct relief USA ආයතනයේ ජේෂ්ඨ සන්නිවේදන විශේෂඥ මෙව් ඔ කොනර් (Maeve O Conner ) යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment