කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක්: නිවාස 50කට හානි

September 27, 2022 - 10:12 PM

කජීමාවත්තේ නිවාස පෙළක ගින්නක්: නිවාස 50කට හානි | දේශීය පුවත්

තොටළඟ, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 9ක් අනුයුක්ත කළ බව ය.

ඒ අනුව, මේ වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බව එම නිලධාරියා පැවසීය.

අද (සැප්. 27) පස්වරු 7.45ට පමණ ගින්න හටගෙන ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළේ ය. 

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක්  අනාවරණ වී නොමැති අතර ගින්නෙන් අවම වශයෙන් නිවාස 60ක් පමන සම්පූර්ණයෙන්  ගිනි ගෙන දැවී ගොස් තිබුනු අතර  කිසිවකුටත් ජීවිත හානි සිදුව තිබුනේ නෑ.

මීට පෙර ද මෙම වසරේ මාර්තු මාසයේ කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක හටගත් ගින්නකින් නිවාස 20කට පමණ හානි සිදු විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment