තොටළඟ, කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක අද (සැප්. 27) පස්වරුවේ හටගත් ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලු ම පුද්ගලයින්ට වහා ම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දෙනු ලබ තිබේ.
මේ සම්බන්ධයෙන් වහා ම මැදිහත් වී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, ගිනි නිවන හමුදාව, සෞඛ්‍ය අංශ, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් අදාළ සියලු ම රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණයන් සිදු කර අද රාත්‍රියේ සි ටම එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලයින්ගේ අවශ්‍යතාව සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් පහසුකම් සලසන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, එම සියලු ම අංශ මේ වනවිටත් ගිනි නිවීමට අවශ්‍ය උපරිම මැදිහත්වීම ලබාදීමට ත් අනෙකුත් අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සැපයීමට ත් පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
විශේෂයෙන් ම, මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වී ඇති මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව ද සොයා බලන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරට ත් උපදෙස් දී තිබේ.