තඹුත්තේගම පොලිස් විරුවාට උසස් වීමක්

September 28, 2022 - 11:12 AM

තඹුත්තේගම පොලිස් විරුවාට උසස් වීමක් | දේශීය පුවත්

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකරුවන්ගෙන් බේරාගත් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂකවරයෙකු (එස්.අයි.) ලෙස උසස් කිරීම සඳහා නිර්දේශ වී තිබේ.

එම නිර්දේශ කිරීමට පොලිස්පතිවරයා අනුමැතිය ලබාදුන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව සැරයන්වරයා උපපරීක්ෂක තනතුරට උසස් කෙරෙනු ඇත.

එම උසස්වීමට අමතරව ඔහු වෙනුවෙන් මුදල් ත්‍යාගයක් ද ලබාදී මට ද නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

තිදරු පියෙකු වන පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කළ නිර්භීත ක්‍රියාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඔහු කාර්යාලයට කැඳවා කළ සේවය අගය කර ඔහුගේ දුක සැප ද සොයා බලා තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment