තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.
අදාළ මුදල් කොල්ලකෑමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ඊයේ (සැප්. 27) දිනයේදී මෙම ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැප්. 26 දහවල් තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නධව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ල කා පළා යාමට තැත් කර තිබිණි.
එම අවස්ථාවේදී බැංකුව අසලින් ගමන් කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42323 බුද්ධික කුමාර නිලධාරියා එම ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන කොල්ලකෑ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබිණි.