රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.
කිරිබත්ගොඩදී පාසල් ළමුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැප්. 26 වන දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටට පැමිණි තරුණයින් කණ්ඩායමක් විසින් එහි සිසුන් දෙදෙනෙකුට ලෙස පහර දී තුවාල සිදුකර ඇත.
එම තරුණ කණ්ඩායම අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ 20 හැවිරිදි පුත්‍රයා ද සිට තිබේ.
අනතුරුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක්දීමේ සිද්ධියක් මෙම පහර දීමට හේතුවී ඇති බව ය.
පහර දීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බවට හඳුනා ගෙන තිබේ.
සැකකරුවන්ගේ පහර දීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති අතර සැකකරුවන් පස් දෙනා ද පොලිස් ඇප මත මුදාහැර ඇත.