ණය ගෙවන්න රාජ්‍ය අමාත්‍යවරයා සහන කාලයක් ඉල්ලයි

September 28, 2022 - 6:11 PM

ලබාගත් ණය ගෙවන්න රාජ්‍ය අමාත්‍යවරයා සහන කාලයක් ඉල්ලයි | දේශීය පුවත්

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ව්‍යවසායකයන්ට ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා බැංකු වල මූල්‍ය තත්ත්වය ආරක්ෂා කරගෙන හැකි උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.
බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම මෙන් ම ව්‍යවාසයකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව අදාළ ණය සහන ලබා දීමට ඇති හැකියාව සොයා බලා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය දැනුම්වත් කරන ලෙස ද අදාල බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියා. ‍

WhatsApp
Telegram
Make a Comment
Make a Comment