හෙට (සැප්. 29) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 1ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය.
එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.
M,N,O,X,Y සහ Z කලාප සඳහා අලුයම 5.30ත් පෙරවරු 8.00ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදු කිරීමට නියමිත ය.
එමෙන් ම, CC කලාප සඳහා පෙරවරු 6.00ත් පෙරවරු 8.30ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.