ලෝක බැංකුවෙන් ලිට්‍රෝ සමාගම ගත් ණය භාණ්ඩාගාරයට ගෙවන්නේ ඇයි...?

September 28, 2022 - 9:44 PM

ලෝක බැංකුවෙන් ගත් ණය භාණ්ඩාගාරයට ගෙවන ලිට්‍රෝ... | දේශීය පුවත්

ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (28) පැවසීය..

එම ණය මුදලේ පළමු කොටස පසුගිය ජූලි මස ලිට්‍රෝ සමාගමට ලැබීමෙන් පසුව එහි මැද කොටසෙන් ගෑස් සඳහා ගෙවීම් කරමින් සිටින බව කී ඔහු අවසන් ණය කොටස ලැබෙමින් තිබෙන බව ද සඳහන් කළේය.

එම ණය මුදලේ තවත් කොටසක් ලෙස ඔක්තෝබර් මස රුපියල් බිලියන 8 ක් (කෝටි 800) ගෙවීමට ද බලාපොරොත්තු වන බවත් එම ණය වසර 10 කට අධික කාලයක් ඇති දීර්ඝ කාලීන ණයක් වුවද භාණ්ඩාගාරයට පියවීම ආරම්භ කිරීම ලිට්‍රෝ සමාගම රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ හොඳින් කළමනාකරණය කරන බවට කදිම නිදසුනක් බවත් ඔහු කීය.

ලෝක බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 70 ක ණය සම්පූර්ණයෙන් ලබාගැනීමට පෙර රටේ එහි හිමිකරුවන මහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩි දුරටත් පැවසිය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment