ගුවන්යානයක බෝම්බ බියක්, චැන්ගි ගුවන්තොටුපලේදී සිදු වු දේ...

September 28, 2022 - 10:07 PM

ගුවන්යානයක බෝම්බ බියක්, චැන්ගි ගුවන්තොටුපලේදී සිදු වු දේ... | විදේශීය පුවත්

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේම ගුවන් යානයක් ගොඩබැස්සවීමට කටයුතු කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ සිංගප්පූරුවෙනි.

මෙලෙස හදිසියේම ගොඩබැස්සවීමට කටයුතු කර ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකි.

එහි ගමන් කරමින් සිටි මගියෙකු එක්වරම තම ගමන් බෑගයේ බෝම්බයක් ඇති බවට ප්‍රකාශ කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් කාර්යමණ්ඩලය ආරක්ෂක පියවරක් ලෙස ගුවන් යානය Changi ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට පියවර ගනු ලැබිණි.

අනතුරුව එරට ආරක්ෂක අංශ විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු සතුව බෝම්බයක් තිබී නොමැති බවට පසුව අනාවරණය වී ඇති බවය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment