කුරුණෑගල දෙමහල් ගොඩනැගිල්ලක අබිරහස් ලෙස පුද්ගලයෙක් මිය ගිහින්

September 29, 2022 - 9:38 AM

කුරුණෑගල දෙමහල් ගොඩනැගිල්ලක අබිරහස් ලෙස පුද්ගලයෙක් මිය ගිහින් | දේශීය පුවත්

කුරුණෑගල, පුත්තලම් පාරේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සැක කටයුතු ලෙස පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

වයස අවුරුදු 47ක උඩගම, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මිය ගොස් ඇත.

කුරුණෑගල පොලිසිය මරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. 

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) දින සිදු කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment