ඉන්දීය ඉතිහාසය වෙනස් කරපු නාචෝ නාචෝ

January 12, 2023 - 11:41 AM

ඉන්දීය ඉතිහාසය වෙනස් කරපු නාචෝ නාචෝ | විචිත්‍ර පුවත්

RRR තෙළිඟු චිත්‍රපටියේ නාචෝ නාචෝ (නාටු නාටු) ගීතය ඉන්දියාව වෙනුවෙන් පළමු  ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙම ගීතය 2021 වසරේදී රූගත කරනු ලැබුවේ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ නිල නිවස ඉදිරිපිට ය. ඒ 2021 වසරේදියි.

සම්මානය පිළිගනිමින් සංගීත නිර්මාන ශිල්පි  එම් එම් කීරවානි පැවසුවේ ගීතයේ සාර්ථකත්වය ගැන තමා සතුටට පත් වූ බවයි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි ලොව ප්‍රකට සංගීත ශිල්පීන් වන රිහානා, ලේඩිගාගා සහ ටේලර් ස්විෆ්ට් පවා අභිබවා යමින් තෙලිගු සිනමා සංගීත අධ්‍යක්ෂ එම් එම් කීරවනීට මෙම සම්මානය හිමි වීමයි.

එය සැලකෙන්නේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ඉන්දියානු චිත්‍රපට ගීතයක් වෙනුවෙන් හිමි වූ පළමු සම්මානය ලෙසයි.

අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනෙක් මෙම පුවත පිළිබඳව සිය සතුට පළ කළහ.

newsx-sri-lanka-1673503936_8253491

WhatsApp
Telegram
Make a Comment
Make a Comment