සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අයැදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරට ත් දීර්ඝ කර තිබේ.
ඒ සඳහා ලබාදී තිබූ කාලය හෙට (සැප්. 30) දිනයෙන් අවසන් වීමට නියමිත අතර එම කාලය ඔක්තෝබර් මස 15 වන දා දක්වා දීර්ඝ කර ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.
දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජිවනාධාර සහ මහජන ආධාර ලබන සියලු ප්‍රතිලාභීන්, පොරාත්තු ලේඛනවල සිටින අයැදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචිය සඳහා ඇතුළත් වීම අනිවාර්ය කර තිබේ.
මේ සඳහා අයැදුම් කරන සියලු පුද්ගලයින් ආදර්ශ අයැදුම්පත සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු ය.
කෙසේ වෙතත්, දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශවයකට එය අහිමි විමේ අවදානමක් නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර ඇත.