අදානි ලංකාවේ තවත් ආයෝජනයකට සූදානම්

January 19, 2023 - 5:50 PM

අදානි ලංකාවේ තවත් ආයෝජනයකට සූදානම් | ව්‍යාපාරික පුවත්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ගුජරාට් ප්‍රාන්තයේ අග නගරය වන අහමදාබාද් හි තෙදින නිල සංචාරයක නිරත වූ අතර එහි දී අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මුණ ගැසුණ අවස්ථාව මෙහි දැක්වේ.

අදානි සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන ගැන මෙහි දී අදහස් හුවමාරු කරගත් අතර විශේෂයෙන් වරාය ආයෝජන ව්‍යාපාතියේ ප්‍රගතිය සමාලෝචනය කෙරිණ.

පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර එයින් ශ්‍රී ලංකාවට අත්වන ප්‍රතිලාභ කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කරන ලද බව නවදිල්ලි නගරයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

newsx-sri-lanka-1674130791_1580876

newsx-sri-lanka-1674130791_3416671

WhatsApp
Telegram
Make a Comment
Make a Comment