වලපනේ, කුරුඳු ඔය ආසන්නයේ ඇති අඩි 35ක් පමණ ගැඹුරු වළක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (සැප්. 29) පස්වරුවේ සොයා ගෙන ඇත.
මිය ගිය පුද්ගලයින් දෙදෙනා 63 සහ 45 හැවිරිදි වියේ පසුවන වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා ඊයේ උදෑසන කුඹුරු කටයුතු සඳහා පිටත්ව යන බවට නිවැසියන්ට දන්වා ඇත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් නිලධාරීන් සැක පළ කර ඇත්තේ, නිධන් හෑරීම සඳහා ඔවුන් පැමිණෙන්නට ඇති බව ය.
මළ සිරුරු ආසන්නයේ තිබී වතුර මෝටරයක්, ජල නළ සහ තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.