හෙට (ඔක් 01) පාර වසා තැබේ

September 30, 2022 - 2:25 PM

සතිඅන්තයේ කොළඹ එන අයට විශේෂ දැනුම් දීමක් | දේශීය පුවත්

හෙට (ඔක්. 1) රාත්‍රී 10.00 සිට අනිද්දා (ඔක්. 2) සවස 5.00 දක්වා කාලය තුළ කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තබන බව පොලිසිය පවසයි.

කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා වූ භූගත ජල නළ පද්ධතිය සකස් කිරීම හේතුවෙන් එම මාර්ග කොටස වසා තැබෙන බව පොලිසිය පැවසීය.

එම කාලය තුල කොළඹ සිට පැමිණෙන වාහනවලට වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණිය හැකි අතර අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහනවලට කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන් කළ හැකි වේ.

screenshot_20220930_164646

WhatsApp
Telegram
Make a Comment
Make a Comment