ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇත. ඒ හේතුවෙන් රෝගීන්ව ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවමින් සිටින බවත්, ඇතැම් රසායනාගාර සමග ජාතික රෝහලේ ඉහල නිලධාරීන්ගේ සෘජු සම්භන්ධතා පවතින බැවින්, කිසිවෙක් මෙම තත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරන බව, ජාතික රෝහල් අභ්‍යන්තර තොරතුරු මගින් තහවුරු වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා
පෞද්ගලික රසායනාගාර වෙත පරීක්ෂණ යොමු කිරීම ජාවාරමක් ලෙස සිදු කෙරෙන බැවින් හා බොහෝ පාර්ශවයන් සදහා
එමගින් ලැබෙන බැවින් ඊට පිළියම් යෙදීම තබා අධ්‍යක්ෂක වරයා පවා මේ පිළිබදව නොදැනුවත් බවකින්සේ කටයුතු කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අර්බුධයකට ලක්ව ඇති ඇතර, මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද ඔහු පවසනවා.
ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnecium, Calcium, Amylase, TSH, වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ ඒ අතර වන බවත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කල හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත්, එම පරීක්ෂණද සිදු කරනු ලබන්නේ රෝහල තුලම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බව වාර්ථා වේ.
එසේම මේ පිළිබදව සිදු කල සොයා බැලීමකදී ජාතික රෝහල තුල මිලියන ගණන් වැය කරමින් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අනවශ්‍ය ලෙස ගෙන්වා ගත් රසායනාගාර ස්වයංක්‍රීය යන්ත්‍ර රැසක් පවතින බවත්, වැඩ කරන තත්වයේ උපකරණ පසෙක දමා නැවත නැවත උපකරණ මිලදී ගැනීමේ සංස්කෘතියක් එම රෝහල තුල පවත්වා ගැනීම පිළිබදව රසායනාගාර වෘත්තිකයින්ද වග කිව යුතු බවත්, එය රජයකට දැරිය නොහැකි වියදමක් බවට පත් වීම මෙම ගැටළු ඇති වීමට හේතුවක් වී ඇති බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය ඇමතිවරයාව පවා දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශ උසස් නිළධාරියෙකු පැවසීය.